දකුණු ස්පාඤ්ඤයේ කොර්ඩෝබා ප්‍රදේශයේදී දරුණු අධිවේගී දුම්රිය අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මලගා සිට මැඩ්රිඩ් බලා ධාවනය වූ අධිවේගී දුම්රියක් හදිසියේ පීලි පැනීමකට ලක්වී, අසල ඇති අනෙක් පීල්ලේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි.
මෙම දරුණු ගැටීමත් සමඟ දෙවන දුම්රිය ද පීලි පැන බැම්මකින් පහළට පෙරළී ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.
(colombotimes.lk)
