02 May 2026

logo

යුක්‍රේනයට එල්ල වූ ප්‍රහාරයකින් 20 දෙනෙකුට දිවි අහිමි වෙයි



යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියාව පවසනවා.

මෙම ප්‍රහාර යුක්‍රේනයේ ලයිසිචෑන්ස්ක් නගරයට එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
(colombotimes.lk)