14 January 2026

logo

තායිලන්තයේ පුද්ගලයන් 22ක් ජීවිතක්ෂයට



බැංකොක් සිට තායිලන්තයේ ඊසානදිග පළාත දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් අද (14) උදෑසන අනතුරකට ලක්වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දුම්රිය මතට දොඹකරයක් කඩාවැටීමෙන් දුම්රිය පීලි පැනීමකට ලක් වී මෙම අනතුර සිදු වූ බවයි. 

එම අනතුරෙන් පුද්ගලයන් 22දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
එමෙන්ම එම අනතුරින් තවත් පුද්ගලයන් 30කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)