02 February 2025


ලාංකිකයන් 25 දෙනෙකු මාලදිවයිනෙන් එළියට



නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු ඇතුළු විදේශිකයන් 186 දෙනෙකු පිටුවහල් කිරීමට මාලදිවයින රජය තීරණය කර තිබෙනවා.

වීසා උල්ලංඝනය කිරීම් සහ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පිරිසක් මෙලෙස එරටින් පිටුවහල් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පිටුවහල් කෙරෙන පිරිස අතරට බංගලාදේශ ජාතිකයන් 83 දෙනෙකු, ඉන්දීය ජාතිකයන් 46 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 08 දෙනෙකු ඇතුළත් වන බව සඳහන් වනවා.
(colombotimes.lk)