02 February 2025


රුපියල් මිලියන 180,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්



රුපියල් මිලියන 180,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 05වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එහිදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 60,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කරන බවයි.

එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත්ද එහිදී වෙන්දේසි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



(colombotimes.lk)