අඛණ්ඩ ‘ජීවනී’ සැපයුමක් වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමට නව යන්ත්‍ර සූත්‍ර ස්ථාපිත කර නිෂ්පාදන ධාරිතාවය කාර්යක්ෂම කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
පාචනය හා වමනය නිසා ඇති වන විජලනය වළක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන ජීවනී නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට සෞඛ්‍ය අංශයේ වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස එහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
(colombotimes.lk)