01 February 2025


මාර්ග නීති උල්ලංඝනය කළ පිරිසකට වැඩ වරදියි



මාර්ග නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 31,905 දෙනෙක්ට එරෙහිව පොලීසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ජනවාරි 11 වනදා සිට ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු ක්‍රියාත්මක කළ බවයි.

එමෙන්ම මුළු දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ස්ථාන 607කම මෙම මෙහෙයුම දියත් කර තිබෙනවා.   

(colombotimes.lk)