02 February 2025


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම කිරීමට අවධානය



මෝටර් රථ දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණය යොදා ගනිමින් වඩාත් කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අමාත්‍යවරයා පසුගියදා නාරාහේන්පිට පිහිටි ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත නිරීක්ෂණ චාරිකාවක එක්වූ අවස්ථාවේදීයි.

එහිදී වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ කාර්යභාරයන් පිළිබඳවද අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමු වී තිබෙනවා.

ප්‍රධාන නගරවල නවීන තාක්ෂණයෙන් යුතු මාර්ග සංඥා පුවරු කඩිනමින් ඉදිකිරීමට හා එම පුවරුවලට අදාළ මාර්ගයේ වායු තත්ත්වය පිළිබඳව දත්ත ලබා ගත හැකි නවීන යන්ත්‍ර ඇතුළත් කිරීමට අදාළව වැදගත් ව්‍යාපෘතියක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)