මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ඉඟුරු කිලෝග්‍රෑම් 1,839ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් සහ යතුරු පැදියකින් ගමන් කරමින් ඊට සහය දුන් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (01) කල්පිටිය, කන්දකුඩාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුන් අවුරුදු 18, 34, 37 සහ 44 වයස්වල පසු වන මදුරන්කුළිය සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
(colombotimes.lk)