දිවයින පුරා පවතින වැසි තත්ත්වය අද (02) සිට අඩු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එහි සඳහන් වන්නේ මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි.
එමෙන්ම රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ තිබෙනවා.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)