16 September 2025

logo

ඉන්දියාවේ බස් අනතුරකින් ජිවිත 25 ක් දැවී අළුවෙයි (VIDEO)



අද අලුයම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක දී බස් රථයක් ගිනිගෙන අනතුරකට ලක් වී තිබෙනවා. 

එම අනතුරින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 25 දෙනෙකු මිය ගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 
 
පූනේ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ පුද්ගලයින් 33 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර අධිවේගී මාර්ගයේ දී අලුයම 1.30 ට පමණ මෙම අනතුර සිදුව තිබුණා. 
 
අධිවේගී මාර්ගයේ කණුවක ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් ගිනිගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 
 
සිද්ධියෙන් දිවි ගලවා ගත් බස් රථයේ රියදුරු පැවසුවේ ටයරය පුපුරා යාමෙන් පසු බස් රථය කණුවේ වැදුණු බවයි.
 
අනතුරින් 25 දෙනෙකු පිළිස්සී මිය ගිය අතර, බස් රථ රියදුරු ඇතුළු තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහලට මාරු කර යවා ඇති බව බුල්දාන, පොලිස් අධිකාරී සුනිල් කඩසානේ මහතා පවසා තිබෙනවා. 
 
මේ මොහොතේ ප්‍රමුඛතාවය වන්නේ මළ සිරුරු හඳුනාගෙන ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට භාර දීම බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. 
 
ප්‍රධාන අමාත්‍ය එක්නාත් ෂින්ඩේ අනතුර සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර මියගිය පුද්ගලයින් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
(colombotimes.lk)