ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අනුව විදුලිය බිඳ වැටීම්, යාවත්කාලීන කිරීම්, බිල්පත් ගෙවීම් ආදී සේවා රාජකාරි කාලසීමාවේ පමණක් සිදු කරන බව විදුලි වෘත්තීය සමිති පවසනවා.
විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ ඊයේ (15) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අමතරව හෙට (17) සහ අනිද්දා (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වීමට විදුලි වෘත්තීය සමිති තීරණය කර ඇති බවයි.
නව ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා රැකියා සුරක්ෂිතභාවයට කිසිදු හානියක් නොවන අතර ඊට එකඟ නොවන පිරිසට ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්විය හැකි බවද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළා.
(colombotimes.lk)