16 September 2025

logo

නව රුපියල් 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්



ශ්‍රී ලංකා මහ බැංකුවේ 75වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2,000 සමරු නෝට්ටුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

මහ බැංකුව සඳහන් කළේ නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටින බවයි.

මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
 
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 



(colombotimes.lk)