රජයේ ආයතන වෙත මහජනතාව ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමේදී ඩිජිටල් අත්සන යෙදීම ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ ග්‍රාම සේවකගේ සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දක්වා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමේදී ඩිජිටල් අත්සන් යෙදීම ආරම්භ කර ඇති අතර දැනට දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 25ක එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක බවයි.
දිවයිනේ සෙසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලද ඉදිරියේදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරෝත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)