28 June 2025

logo

මෙරට අධ්‍යාපනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 50ක්



ශ්‍රී ලංකාව පුරා සිටින ඇස්තමේන්තුගත සිසුන් ලක්ෂ 5ක් සහ ගුරුවරුන් 150,00ක් සඳහා සඳහා ක්‍රියාත්මක වන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය හරහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 50ක අමතර මූල්‍ය පැකේජයක් අනුමත කර තිබෙනවා.

මෙම අරමුදල් මඟින් අත්‍යශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි මගට ගෙන යාමට, ඉගැන්වීම් ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ සිසුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර වතුකරයේ ප්‍රජාවන් සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහය වන පාසල් ඇතුළුව ඌන සේවා නියුක්ත පාසල් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.

එමඟින් ශ්‍රී ලංකාවේ සෑම දරුවෙක්ටම ආරක්ෂිත පරිසරයක ඉගෙනුම ලැබීමට අවස්ථාවක් ලබා දීම සහ සෑම ගුරුවරයෙක්ටම තම සිසුන්ගේ දියුණුවට උපකාර කිරීමට අවශ්‍ය මෙවලම් ඇති බව සහතික කිරීම මෙම මූල්‍ය පැකේජය තුළින් බලාපොරොත්තු වන බව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් සඳහන් කළා.

(COLOMBOTIMES.LK)