18 April 2025


ඇමති නිල නිවාස 27ක් රජයට පවරා ගනියි



හිටපු අමාත්‍යවරුන් භාවිතා කළ නිල නිවාස වලින් 27ක් යළි රජයට පවරා ගෙන තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ තවත් එක් නිල නිවසක් පමණක් රජයට පවරා ගැනීමට ඇති බවයි.

ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රැඳී සිටි නිල නිවස බවයි වාර්තා වන්නේ.

එම නිවසට අදාළව ගෙවිය යුතු කුලී ගාස්තු අඩුපාඩුවක් මත නිවස රජයට පවරා ගැනීම ප්‍රමාද වී ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ එම කටයුතු කඩිනමින් අවසන් කර අදාළ නිල නිවසද රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි.  

(colombotimes.lk)