අන්තර්ජාලය හරහා නීති විරෝධී කටයුත්තක් සිදු කළ බවට සැකපිට කාන්තාවක් ඇතුළු චීන ජාතිකයන් 37දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ තලංගම පොලීසියේ දූෂණ මර්දන ඒකකය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදීයි.
තලංගම කොස්වත්ත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසයක් වැටලූ අවස්ථාවේදී එහි තිබී පරිගණක 35ක්, ටැබ් පරිගණක 37ක් ජංගම දුරකතන 147ක්, සිම්පත් 100ක් සහ නීති විරෝධී දුම්වැටි 2100ක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම සියලු උපකරණ සහ නිවස මුද්‍රා තැබීමට කටයුතු කළ බවයි.
එලෙස අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 37දෙනා මාස 03ක සංචාරක වීසා මත මෙරටට පැමිණ මෙලෙස නීති විරෝධීව සේවාවන් සපයා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
(colombotimes.lk)
