02 May 2026

logo

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන්ට වැඩ වරදියි



රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කළ කැස්බෑව, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ ආයතනයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ අද (02) පිළියන්දල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විශේෂ වැටලීම් කිහිපයක්ම සිදු කර තිබෙන බවයි. 

අධික මිලට භාණ්ඩ අලෙවි කිරීම් හෝ භාණ්ඩ සඟවා තබාගැනීම් වැනි අසාධාරණ ක්‍රියාවන් සිදුවන්නේ නම් වහාම ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම්දී තිබෙනවා. 

(colombotimes.lk)