සියලු ඉන්ධන මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 392ක් ලෙසයි.
එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
එහි නව මිල සටහන් වන්නේ රුපියල් 458ක් ලෙසයි. 
(colombotimes.lk)
