02 May 2026

logo

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්



තායිලන්තයේ සිට කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් විසිදෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ එළඹෙන 12වනදා දක්වායි. 

මෙම චීවරධාරීන් අද (02) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබෙනවා. 

මෙම චීවරධාරීන් පසුගිය අප්‍රේල් 25වනදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදී 'කුෂ්' සහ 'හෑෂ්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟ අත්අඩංගුවට ගැනුණා.

(colombotimes.lk)