02 May 2026

logo

මාරක අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට



යතුරුපැදි දෙකක් එකිකෙන ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. 

ඒ පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පතන 134 කිලෝමීටර් කණුව ප්‍රදේශයේදීයි.

එම අනතුරෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළා.  

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පැදිකරුවෙක් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

වයස අවුරුදු 64ක් වන කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් තිබෙනවා. 

(colombotimes.lk)