19 June 2026

logo

කාබුල්හී රෝහලක පුද්ගලයන් 400ක් ජීවිතක්ෂයට



ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන රෝහලකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගුවන් ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 400දෙනෙක් මියගොස් තවත් 250දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
 
මෙම ප්‍රහාරය පාකිස්ථානය විසින් එල්ල කර ඇති බවට ඇෆ්ගනිස්ථානය චෝදනා කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි. 

(colombotimes.lk)