මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදන රියදුරන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පවසනවා.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ගතවූ මාස 4 ඇතුළත මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය සම්බන්ධයෙන් අත්අඩගුවට ගත් රියදුරන් 4750කට එරෙහිව නඩු පවරා ඇති බවයි.
පෙර වසරවලට සාපේක්ෂව එම සංඛ්‍යාව විශාල ලෙස වැඩි වී තිබෙන බව ඔහු සඳහන් කළා.
(colombotimes.lk)
