02 May 2026

logo

ගත වූ මාසවල මත්ද්‍රව්‍ය ජාලවලට දැඩි පහරක්



රටම එකට ජාතික මෙහෙයුම යටතේ ගත වූ මාස 06ක කාල සීමාව තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 289දෙනෙක්ට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. 

පොලීසිය සඳහන් කළේ එම කාලය තුළ පුද්ගලයන් 163,197දෙනෙක් මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉන් සැකකරුවන් 2,719දෙනෙක්ට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
 
එමෙන්ම 2025 ඔක්තෝම්බර් සිට 2026 අප්‍රේල් දක්වා කාලය තුළ සිදු කළ වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,932ක්, අයිස් කිලෝග්‍රෑම් 1,985ක්, කොකේන් කිලෝග්‍රෑම් 271ක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
 
එමෙන්ම පොලීසිය සඳහන් කළේ මීට අමතරව ගංජා, ගංජා පැළ, කුෂ්, හෂීෂ්, මත්පෙති, මදනමෝදක සහ මාවා ද වැටලීම්වලදී සිය භාරයට ගැනීමට කටයුතු කර ඇති බවයි. 

(colombotimes.lk)