16 March 2025


තැපෑල පැය 48ක වැඩ වර්ජනයක්



තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ හෙට (16) සවස 4.00 සිට (18) වනදා මධ්‍යම රාත්‍රී 12 .00 දක්වා බවයි වාර්තා වන්නේ.

වෘත්තීය සමිති නියෝජිතයන් ඒකාබද්ධව අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)