15 March 2025


මාර්තු මුල් දින 13 තුළ සංචාරකයින් 97,322ක් දිවයිනට



මේ මස ගත වූ මුල් දින 13ක කාලය තුළදී පමණක් විදෙස් සංචාරකයින් 97,322ක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව වසරේ ගත වූ කාලය තුළ දී විදෙස් සංචාරකයින් පන්ලක්ෂ 90,300ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

මෙම මාසයේදී පමණක් දැනට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 14,848ක්.

එමෙන්ම රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, චීනය සහ ඇමරිකාව සංචාරකයින් වැඩි වශයෙන් පැමිණි සෙසු රටවල් වනවා.


(colombotimes.lk)