19 October 2025

logo

"ගම්පහ බබා" අනාවරණය කළ තොරතුරකට අනුව ජීව උණ්ඩ 50ක් සොයාගනියි



කෙළවරපිටිය අධිවේගී ප්‍රවේශ ස්ථානයට පිවිසෙන මාර්ගයේ වම් පස ඇති 18 වන කොන්ක්‍රීට් කණුව අසල සඟවා තිබූ මිලි මිටර් 7.62 – 39 ප්‍රමාණයේ ජීව උණ්ඩ 50ක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ඩබ්ලිව්.ඩි.නිශාන්ත කුමාර නොහොත් ‘ගම්පහ බබා’ නැමති සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු මතයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දී සමඟ නේපාලයේ රැඳී සිටියදී එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ සැකකරු වයස අවුරුදු 44ක් වන බෙම්මුල්ල බොරලියවන පදිංචිකරුවෙක්.

(colombotimes.lk)