14 January 2026

logo

ඩකා ගුවන්තොටුපොළේ ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවයි



බංගලාදේශයේ ඩකා හී හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් එහි සියලු ගුවන්ගමන් තාවකාලිකව නතර කර ඇති බවයි. 

ගුවන්තොටුපළ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සහ බංගලාදේශ ගුවන් හමුදා ගිනි නිවන ඒකකයේ මෙන්ම අනෙකුත් අදාළ ආයතනවල කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. 

(colombotimes.lk)