චීනයේ සිට දකුණු කොරියාව බලා පියාසර කළ Air China CA139 දරන ගුවන් යානය තුළ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ මගී ආසන වලට ඉහළින් ඇති කැබිනයක් තුළ තිබූ ලිතියම් බැටරියක් හදිසියේ ගිනිගැනීමෙන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් යානා සේවකයින් වහාම ක්‍රියාත්මක වී ගින්න පාලනය කරගෙන තිබූ අතර මේ හේතුවෙන් ගුවන් යානය චීනයේ ෂැංහයි ගුවන්තොටුපළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකර ඇති බවයි.
(colombotimes.lk)