දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝ වීම ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 40,392දෙනෙක් වාර්තා වී ඇති අතර මරණ 22ක් සිදුවී තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)