ඊසානදිග බ්‍රසීලයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් ප්‍රතිවිරුද්ධ මංතීරුවට හැරී එහි තිබූ ගල්වල ගැටී, පසුව වැලි බැම්මක ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුවී ඇති බවයි.
එමෙන්ම අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 30දෙනෙක් පමණ ගමන් කර තිබෙනවා.
(colombotimes.lk)