31 January 2026

logo

ඉන්දියාවේ දින තුනකදී 50කට වැඩි පිරිසකගේ දිවි තොර වෙයි



පසුගිය දින තුන තුළ ඉන්දියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති දරුණු උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

උණුසුම් කාලගුණය හේතුවෙන් සති අන්තයේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයින් 33 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව සඳහන්.

ආරක්‍ෂක නිලධාරීන්, සනීපාරක්ෂක කාර්ය මණ්ඩලය ඇතුළු මහ මැතිවරණයට සම්බන්ධ පුද්ගලයින් ද මිය ගිය පිරිස් අතර වන බව වාර්තා වනවා.

(colombotimes.lk)