31 July 2025

logo

වත්මන් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක්



වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝට වසරක සේවා දිගුවක් ලබාදී තිබෙනවා. 

අගෝස්තු මස 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ සේවා දිගුව ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව නියෝජනය කරන වත්මන් යුද හමුදාපතිවරයා පසුගිය වසරේ දෙසැම්බර් 31වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ 25වන යුද හමුදාපතිවරයා ලෙස එම ධූරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා. 

යුද හමුදාපති ධූරයේ රාජකාරී භාර ගැනීමට ප්‍රථම ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරයද දරා තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)