සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට යන මෙරට පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මාලදිවයින් සංචාරයට සමගාමීව මෙම තීරණය ගෙන තිබෙන බවයි.
ඒ අනුව මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (29) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.
එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම පමණක් අවශ්‍ය වන බවයි වාර්තා වන්නේ.
මාලදිවයින් රජය සඳහන් කළේ මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බවයි.
(colombotimes.lk)