මේ වන විට ලියාපදිංචි වී සිටින ආදේශක තැපැල් සහායකයන් 1000කගේ සේවය ස්ථීර කිරීමටත් නව ආදේශක තැපැල් සහායකයන් 1000ක් ලියාපදිංචි කිරීමටත් අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
තැපැල් දෙපාර්තමේන්තුවේ තිබෙන පොදු ප්‍රශ්නයක් වන සේවක හිඟය සහ ප්‍රවාහන ගැටළු නිරාකරණය කිරීම සඳහා මේ වන විටත් පියවර ගනිමින් සිටින බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
නිරීක්ෂණයෙන් අනතුරුව මධ්‍යම තැපැල් හුවමාරුවේ වත්මන් කටයුතු, ඉදිරි පියවර සහ පවතින ගැටළු පිළිබඳ නිලධාරීන් සහ සේවක මණ්ඩලය සමඟ ද අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)