31 July 2025

logo

සුනාමි රළ ජපානයට ඇතුළු වෙයි



රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් පළමු සුනාමි රළ උතුරු ජපානයෙන් නිරීක්ෂණය වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සුනාමි රළ සෙන්ටිමීටර් 30ක උසකින් පැමිණි බවයි. 

ජපානයේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ ඔසාකා නගරයට දකුණින් වකයාමා දක්වා මීටර් 03ක් දක්වා සුනාමි රළ අපේක්ෂා කරන බව ජපානයේ කාලගුණ ඒජන්සිය මීට පෙර ප්‍රකාශ කර තිබෙනවා. 

ජපානයේ ගිනි නිවීමේ හා ආපදා කළමනාකරණ ඒජන්සිය සඳහන් කළේ මේ දක්වා කිසිදු තුවාලයක් හෝ හානියක් වාර්තා වී නොමැති බවයි. 

කෙසේවෙතත් හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා විහිදෙන ජපන් වෙරළ තීරයේ අවට නගර සභා 133ක 900,000කට අධික පිරිසකට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

(colombotimes.lk)