31 March 2025


ආරක්‍ෂිත වී තොග සංචිතයක් වෙනුවෙන් මිලියන 5,000ක්



පවතින අර්බුදකාරී තත්වයන් යළි ඇති නොවීම වෙනුවෙන් ආරක්ෂක වී තොග සංචිතයක් පවත්වාගෙන යාමට යෝජනා කරන බව ජනාධිපතිවරයා පවසනවා.

එහිදී වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමට යෝජනා කරන බවත් කෘෂිකර්මාන්තය පිළිබඳව යාවත්කාලීන කරන ලද දත්ත හා තොරතුරු පද්ධතියක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අයවැය 2025 ඉදිරිපත් කරමින් පවසා සිටියා.

එමෙන්ම වී සහ සහල් තොග රැස්කිරීම නියාමනය වෙනුවෙන් නව නියාමන රාමුවක් හඳුන්වා දෙන බවද හෙතෙම පවසනවා.

colombotimes.lk