01 July 2025

logo

අනාථ දරුවන්ට මාසිකව රුපියල් 5,000ක්



පරිවාස භාරයේ සිටින දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
 
එමෙන්ම සුරැකුම් නිවාසවල සිටින දරුවන්ට සහ අනාථ දරුවන්ට රුපියල් 5,000 ක මාසික දීමනාවක් අලුතෙන් හඳුන්වා දීමට 2025 අයවැය තුළින් යෝජනා කරන බවද ඔහු කියා සිටියා.

එයින් රුපියල් 2,000ක් දරුවාගේ පුද්ගලික ගිණුමකට බැර කෙරෙන අතර අනෙක් රුපියල් 3,000 නිත්‍යානුකුල භාරකරු වෙත යොමුකෙරෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සඳහා වෙන්කෙරෙන මුදල මිලියන 1,000ක්.

colombotimes.lk