12 July 2025

logo

පිලිපීනයට බලපෑ කුණාටුවකින් 7දෙනෙකුට ජීවිතය අහිමි වෙයි



පිලිපීනයට බලපා ඇති Ewiniar කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම Ewiniar කුණාටුවේ බලපෑමෙන් එරට ප්‍රදේශ රැසක ජල ගැලීම්, නාය යෑම් ඇතුළු ආපදා තත්වයන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

එරට ගුවන් තොටුපොල සහ වරායන් වසා දමා ඇති අතර විදුලි සැපයුමට ද බාධා එල්ල වී තිබෙනවා.
(colombotimes.lk)