පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ආබාධිත පුද්ගලයන් 2200කට ආසන්න සංඛාවක් පීඩාවට පත් වී තිබෙන බව ආබාධිත පුද්ගලයන් සඳහා වූ ලේකම් කාර්යාලය පවසනවා.
එම කාර්යලය සඳහන් කළේ ඒ හේතුවෙන් ඔවුන් භාවිතා කරන අත්‍යාවශ්‍ය උපකරණ වලටද මෙම තත්ත්වය හේතුවෙන් හානි සිදු වී තිබෙන බවයි.
ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් එම පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැස් කිරිම ආරම්භ කර ඇති බවත් ආබාධිත පුද්ගලයන් සඳහා වූ ලේකම් කාර්යාලය සඳහන් කළා.
එමෙන්ම ඔවුන්ගේ හානි වූ උපකරණ වල වටිනාකම තක්සේරු කිරීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය හරහා වන්දි ලබාදෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
