මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට යෝජනාවක් සකස් කර ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පවසනවා.
ඔහු කියා සිටියේ මින් කිසිදු ලෙසකින් හෝ මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකකරණය කිරීමට කටයුතු නොකරන බවයි.
මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන් අනතුරුව ගුවන්තොටුපොළ වෙනුවෙන් අභිලාෂ කැඳවීමට කටයුතු කරන බවයි.
එමෙන්ම මත්තල ගුවන්තොටුපොළ සමඟ ව්‍යාපාර පවත්වාගෙන යාමට පෞද්ගලික සමාගම් 03ක් මේ වන විටත් කැමැත්ත පළ කර තිබෙනවා.
මෙම වැඩපිළිවෙළ යටතේ ගුවන්යානා අලුත්වැඩියාව, පුහුණු කටයුතු සහ ඉන්ධන සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් ආයෝජන අවස්ථා විවර කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
