04 May 2026

logo

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 07දෙනෙක් අත්අඩංගුවට



බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 07දෙනෙක් මැණික් ගැරීමට යොදාගත් උපකරණද සමඟ නෝර්වුඩ්, හළුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නෝර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24ත් 43ත් අතර පසුවන නෝර්වුඩ් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

(colombotimes.lk)