04 May 2026

logo

රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි



ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහලේකම් නිසාම් කාරියප්පර් විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කර තිබෙනවා.

තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරිපත් වූ මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබෙනවා.

(colombotimes.lk)