මරදාන සිට දකුණු කළුතර සහ කොළඹ කොටුව සිට රඹුක්කන බල ධාවනය වන දුම්රිය ගමන්වාර ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් එම දුම්රිය ගමන්වාර ප්‍රමාද වන බවයි.
මේ වන විට පීලි පැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
