04 May 2026

logo

තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට



යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ අතුරුගිරිය කොට්ටාව මාර්ගයේ, පරණ හන්දිය ප්‍රදේශයේදීයි.

එම අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයින් වයස අවුරුදු 20ක් වන මැදිරිගිරිය හා හලාවත ප්‍රදේශවල පදිංචි තරුණයින්. 

(colombotimes.lk)