විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, පතරොම් ගැබ් 01ක්, ජීව පතරොම් 16ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙක් අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අහුංගල්ල පොලීසිය සඳහන් කළේ එම පිස්තෝල අවිය මීට දින කිහිපයකට පෙර වෙනත් පුද්ගලයෙක් විසින් මොහුට ලබාදී ඇති ඇති අතර එම සැකකරුද පෙරේදා (03) රාත්‍රීයේ අම්බලන්ගොඩ, වාද්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
එමෙන්ම අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලොකු පැටී නැමැත්තාගේ ගෝලයින් බවට අනාවරණය වී ඇති අතර යම් අපරාධයක් සිදු කිරීමට මෙම පිස්තෝල අවිය ලබාදී ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද අහුංගල්ල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
