22 February 2025


නව නිලධාරීන් 16ක් නාවික හමුදාවට



2024/03 සෘජු ඇතුළත් වීමේ යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් නිලධාරීන් 16දෙනෙක්ට නාවික හමුදාපතිවරයා විසින් අද (21) පත්වීම් ලිපි ප්‍රදානය කර තිබෙනවා.

ඒ නාවික හමුදා මූලස්ථානයේදීයි.

එම බඳවා ගත් නිලධාරීන් විධායක, සැපයුම්, විදුලි හා ඉලෙක්ට්‍රොනික, තොරතුරු තාක්ෂණ සහ ස්වේච්ඡා විධායක යන අංශවලට අයත් බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)