හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක මේ වන වට ඕස්ට්‍රේලියාවේ වෙසෙන සාක්ෂිකාරියකගේ සාක්ෂි සටහන් කර ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන බ්‍රයන් ෂැඩික්ට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඒ තුළින් රුපියල් මිලියන 20ක පමණ මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට උදය ගම්මන්පිලට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සාක්ෂිකාරියගේ සාක්ෂිය සටහන් කර ගැනීම සඳහා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද නියෝග කර තිබෙනවා.
අනතුරුව අදාළ නඩුව ජූලි 21වනදා කැඳවන ලෙස නියෝග කළා.
(colombotimes.lk)