22 February 2025


රජයේ අපේක්ෂාව ජනපති කියයි



නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව අනෙකුත් රාජ්‍ය හා සම තරගකරුවෙක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (20) පැවති ‘The Innovation Island Summit - 2025’ සමුළුව අමතමින්.

මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)