ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0%ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
2024 දෙසැම්බර් මාසයේදී මෙම අගය -2.0%ක් ලෙස වාර්තා වුණා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 ජනවාරි මාසයේ දී ආහාර උද්ධමනය -1.0% සිට -2.5% දක්වා පහළ ගොස් ඇති බවයි.
එමෙන්ම ආහාර නොවන උද්ධමනය -2.9% සිට -5.2% දක්වා කැපීපනෙන ලෙස අඩු වී තිබෙනවා.
(colombotimes.lk)